අලි එළවීමට අලුත් තාක්ෂණයක්

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

by Staff writer 13-02-2018 | 8:44 AM
Colombo (Newsfirst) වන අලි ගම් වැදීම වැළැක්වීම සඳහා නව තාක්ෂණය භාවිත කර වැඩපිළිවෙළක් සකස් කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, අලි වැට දැනට ඉදි කර ඇතත් එය සියයට සියයක් සාර්ථක වී නොමැති බව ය. නව තාක්ෂණය භාවිත කර මන්නාරම දුම්රිය මාර්ගයේ අත්හදා බැලීම් සිදු කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඉදිරියේදී අලීන් ගම් වැදීම නැවැත්වීමට සයිරන් නාදයක් භාවිත කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.