ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමට රජයේ අවධානය

ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමට රජයේ අවධානය

ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමට රජයේ අවධානය

කර්තෘ Hashini De Mel

13 Feb, 2018 | 5:49 pm

COLOMBO (Newsfirst) – ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

ඉදිරි දිනවලදී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව රජයේ උසස් නිලධාරීවරයෙකු සඳහන් කළේ ය.

ආනයනික අර්තාපල් මිල ඉතා පහළ මට්ටමක පැවතීම සහ දේශීය අර්තාපල් ගොවීන්ට නිසි මිලක් නොලැබීම හේතුවෙන් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පන වන ලෙසට ගොවීන් රජයෙන් ඉල්ලා ඇත.

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි දිනවලදී ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමට රජයේ අවධානය යොමු ව තිබේ.

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 38 – 60 ත් අතර මිලකට අළෙවි වන අතර දේශිය අර්තාපල් කිලෝග්‍රෑම 1ක් අළෙවි කෙරෙන්නේ රුපියල් 90 – 100 ත් අතර මිලකට වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]