මම ගන්න කළින් තීන්දුවක් ගන්න - ජනපති අගමැතිට කියයි

JUST IN:- මම ගන්න කළින් තීන්දුවක් ගන්න - ජනපති අගමැතිට දැනුම් දෙයි

by Chathuranga Rajapaksha 12-02-2018 | 11:37 PM
COLOMBO (Newsfirst) - රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ. ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රියේ පැවැති එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, පක්ෂ මහලේකම් කබිර් හෂිම්, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙකුද එක්ව සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාකච්ඡාවේදී මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ සළකා බලා තමන්ට තීන්දුවක් ගැනිමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව ය. එබැවින් ඊට පෙර ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාටම තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1839962839397299/