COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කිසිඳු තීරණයකට හෝ එකඟතාවකට එළැඹ නැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ, ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර, ඇතිවුවා යැයි කියන එකඟතා පිළිබඳව ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළවෙමින් ඇති බව ය.
එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ.
