පොහොට්ටුවේ ජය පහසු වුණේ එජාපයේ දැඩි පසුබෑම නිසයි

පොහොට්ටුවේ ජය පහසු වුණේ එජාපයේ දැඩි පසුබෑම නිසයි

by Hashini De Mel 12-02-2018 | 8:33 PM

COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණය පරාජයවීමත් සමග අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතා නායකත්වය පත්වීමෙන් පසු පරාජයට පත් වූ 29වන ඡන්ද විමසීම බවට පත්වනු ඇත.

එක්සත් ජාතික පක්ෂය ආරම්භක මැතිවරණය වන 1947දී වැඩි මහජන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් ආණ්ඩු බලය දිනාගැනීමට පක්ෂය සමත් වූ අතර විටින් විට තාවකාලික පරාජයන් ලැබුව ද ඒවා ඉතාමත් කෙටි කාලීන විය. 1977 මැතිවරණයෙන් 6 න් 5 ක බලයක් පිිහිටුවීම එක්සත් ජාතික පක්ෂයේ සුවිශේෂි සංධිස්ථානයකි. එහෙත් එම පක්ෂය 1994 වර්ෂයෙන් පසු පක්ෂයේ දැඩි පසු බෑමකට ලක් වූයේ 1995 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග වේ. 2001 වසරේ පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ යළි ත් ආණ්ඩු බලයට පත් වූ නමුත් 2004 සිට 2015 දක්වා යළි රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වූ අතර ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරගත නොහැකි තත්ත්වයට පත් විණි. තනි පක්ෂයක් ලෙස ආණ්ඩු බලය හිමිකර ගැනීමට හැකි ඡන්ද පදනමකින් යුතුව සිටි එක්සත් ජාතික පක්ෂය 2004 මහමැතිවරණය සඳහා තරග වැදුනේ එක්සත් ජාතික පෙරමුණ ලෙසිනි. එහිදී ද ලබාගත හැකි වූ ඡන්ද ප්‍රතිශතය 37.8 %ක් වූ අතර දිනාගත හැකි වුයේ, පාර්ලිමේන්තු ආසන 82 ක් පමණි. ඒ, 2001 වසරේදී ලබාගත් 46% ක ප්‍රතිශයේ සිට දැවැන්ත පහළ යාමකි. එක්සත් ජාතික පෙරමුණ මේ වන විට සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙමළ ප්‍රගතිශිලී සන්ධානය , ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු සංගමය සහ කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ රැසකින් සමන්විත වේ. 2010 පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද පදනම 29% ක් දක්වා පහළ ගිය අතර 2015 වසරේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති මැතිවරණයේදී යළි ත් එය 46% ක් දක්වා ඉහළ ගියේ ය. එහෙත් පළාත් පාලන මැතිවරණයේදී එය යළි ත් 32.61% දක්වා පහත බැසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1839791089414474/