by Hashini De Mel 12-02-2018 | 6:27 PM
COLOMBO (Newsfirst) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදී තිබේ.
අධිකරණය මෙම අවසරය ලබාදී ඇත්තේ, පෙබරවාරි මස 24 වන දා සිට මැයි මස 18 වන දා දක්වා විදේශගත වීමට අවසර ඉල්ලා ඔහු අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වේ.
මේ අනුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ, අධිකරණභාරයේ ඇති විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින ලෙස ය.
නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට දන්වා ඇත්තේ, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසියකට සහ තරුණ සම්මේලන දෙකකට තමාට සහභාගීවීමට ඇති බවයි.
පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ලංකා නැමති ඉන්දියානු සමාගමක් පරිත්‍යාග කළ රුපියල් මිලියන 70කට ආසන්න මුදලක් සාවද්‍ය සාපරාදී ලෙස පරිහරණ, අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවෙකු වන නාමල් රාජපක්ෂ මහතාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළක්වා තිබුණි.