ජනපති සහ අගමැති අතර සාකච්ඡාව අවසන්

"සාකච්ඡාවේ අවධානයට යොමු වූ කරුණු පිළිබඳ මෙතෙක් මාධ්‍යයට හෙළිකර නැහැ"

by Hashini De Mel 12-02-2018 | 9:29 PM

COLOMBO (Newsfirst) - UPDATE 10.50 P.M 

රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාව අවසන්වී තිබේ.

ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රියේ පැවැති එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙකු ද එක් ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. පැය දෙකක පමණ කාලයක් පැවැති එම සාකච්ඡාවේදී අවධානයට යොමු වූ කරුණු පිළිබඳ මෙතෙක් මාධ්‍ය වෙත තොරතුරු අනාවරණයවී නොමැත. https://www.facebook.com/NewsfirstSL/videos/1839918996068350/

------------------------------------------------------------------------------------------------------------

09.30P.M - රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ආරම්භවී තිබේ.

අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාව සඳහා සහභාගි වූයේ, පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හමුවීමෙන් අනතුරුව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1839865242740392/