ඇලෝසියස් සහ පාලිසේනගෙන් ප්‍රකාශ ගැනීමට CID යට අවසර

ඇලෝසියස් සහ පාලිසේනගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID යට අවසර

by Hashini De Mel 12-02-2018 | 9:14 PM

COLOMBO (Newsfirst) - රක්ෂිත බන්ධනාගාරගත ව සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් සහ කසුන් පාලිසේන යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව නියෝග කර තිබේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ සඳහා සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව පෙන්වා දෙමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව ලබන 13, 14 සහ 15 යන තෙදින සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළා ය.