මගීන් 71 ක් රැගත් රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි

මගීන් 71 ක් රැගත් රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි

by Sagarika Chathumali 11-02-2018 | 9:48 PM
COLOMBO (Newsfirst) : රුසියාවේ මොස්කව් නුවරදී රුසියානු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රුසියානු මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් යානය අනතුරට පත්වන විට එහි මගීන් 65 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇති බවයි. මෙලෙස කඩා වැටී ඇත්තේ, රුසියාවේ ඕස්ක් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ යානයකි. මොස්කව් නුවරින් ගුවන්ගත වී විනාඩි 10 කට පසු යානය රේඩාර් පථයෙන් ඉවත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.