පුංචි ඡන්දයේ මේ වන විට පොදුජන පෙරමුණ ඉදිරියෙන්

පුංචි ඡන්දයේ මේ වන විට පොදුජන පෙරමුණ ඉදිරියෙන්

by Hashini De Mel 11-02-2018 | 8:52 AM

COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භවී තිබේ.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනූව ඉදිරියෙන් ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දකුණු පළාතේ මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති සෑම පළාත් පාලන බල ප්‍රදේශයක ම බලය තහවුරු කර ගැනීමට සමත් ව තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රාදේශිය සභාව පොදුජන පෙරමුණ ජය ගෙන ඇත්තේ, ඡන්ද 24,507 කින් ය. එම පෙරමුණට හිමි වූ සභික සංඛ්‍යාව 17 කි. එක්සත් ජාතික පක්ෂයට එම ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 10,251 ක් ලැබුණු අතර ඔවුන්ට සභික ධූර 6ක් හිමි විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 5,636 ක් හිමි වූ අතර ලැබුණු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 2 කි. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ සහ ජනසෙත පෙරමුණට මෙන් ම ස්වාධීන කණ්ඩායමකට රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ධූරය බැගින් හිමි විය. බලපිටිය ප්‍රාදේශිය සභාවේ ද බලය හිමි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. ඡන්ද 20,7444 ක් ලබාගත් එම පෙරමුණ බලපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ධූර 18 ක් ලබාගත් අතර ඡන්ද 11,313 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට එම ප්‍රාදේශිය සභාවනේ හිමි වූයේ මන්ත්‍රී ධූර 8 ක් පමණි. මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලපිටිය ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 4032 ක් හිමි වූ අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 3 කි. බෙන්තොට ප්‍රාදේශිය සභාවේ ද ජය හිමි වූයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ය. ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 14,659 කි. හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 13 කි. ඡන්ද 8,273 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට බෙන්තොට ප්‍රාදේශිය සභාවෙන් මන්ත්‍රී ධූර සංඛ්‍යාව 2 ක් හිමි විය. ඡන්ද 6698 ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අම්බන්ගොඩ නගර සභාවේ ද බලය හිමි කර ගෙන තිබේ. ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 10 කි. එක්සත් ජාතික පක්ෂයට එම නගර සභාවෙන් ඡන්ද 4,260 ක් හිමි වූ අතර ඔවුන්ට මන්ත්‍රී ධූර 6 ක් ද හිමි විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම නගර සභාවෙන් හිමි වූයේ මන්ත්‍රී ධූර 3ක් පමණි. තංගල්ල නගර සභාවේ බලය ද ඡන්ද 2248 ක් දිනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ අතර ඔවුන්ට එහි හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7 ක් වේ. එක්සත් ජාතික පක්ෂය එම නගර සභාවෙන් ඡන්ද 2136 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 7ක් හිමි කර ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එම නගර සභාවෙන් මන්ත්‍රී ධූර 2 බැගින් හිමිකර ගත්තේ ය. පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ බලය ද හිමි වූයේ පොදුජන පෙරමුණටයි. එම ප්‍රාදේශිය සභාවෙන් ඔවුන් ඡන්ද 3,924 ක් හිමිකර ගත් අතර ලැබුණු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2,826 ක් ලබා ගනිමින් මන්ත්‍රි ධූර 5 ක් හිමිකර ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසය වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවෙන් මන්ත්‍රී ධූර 2 බැගින් හිමිකර ගෙන ඇත. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනකරී සහ පච්චිලෙයි පල්ලි ප්‍රාදේශිය සභාවල බලය හිමිකර ගනු ලැබුවේ එම ප්‍රාදේශිය සභාවල සභික ධූර 17 ක් ලබා ගනිමිනි. මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 6292 ක් ලබාගනිමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජය හිමිකර ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 ක් වේ. එම ප්‍රාදේශිය සභාවෙන් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 3 ක් හිමිකර ගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 2 ක් හිමි විය. මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තායි නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ බලය ද ඡන්ද 1,836 ක් ලබාගනිමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හිමිකර ගත්තේ ය. ඡන්ද 5304 ක් ලබා ගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ නිරත ප්‍රාදේශිය සභාවේ බලය තහවුරු කරගත්තේ ද ඉලංගෙයි තමිල් අරසු පක්ෂය යි. නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ බලය ඡන්ද 15,240 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය හිමිකර ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 කි. ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය ප්‍රාදේශිය සභාවෙන් මන්ත්‍රී ධූර 7 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුයේ මන්ත්‍රී ධූර 5 ක් පමණි. මොණරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල ප්‍රාදේශිය සභාවේ බලය ඡන්ද 25,796 ක් ලබාගත් පොදුජන පෙරමුණට හිමි වූ අතර ඔවුන් ලබාගත් මන්ත්‍රී ධූර සංඛ්‍යාව 20 කි. එම ප්‍රාදේශිය සභාවෙන් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 7 ක් හිමි වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධනායට හිමි වූයේ මන්ත්‍රී ධූර 3ක් පමණ ය. බදුල්ල ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි විය. ඒ, ඡන්ද 8813 ක් ලබාගනිමිනි. ඔවුන්ට එහිදී හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7 කි. එක්සත් ජාතික පක්ෂයට එම ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 8225 ක් ලැබුණු අතර ඔවුන්ට ද මන්ත්‍රී ධූර 7 ක් හිමි විය. කෙසේ වෙතත් බදුල්ල මහනගර සභාවේ බලය හිමි වූයේ එක්සත් ජාතික පක්ෂයටයි. ඔවුන් ඡන්ද 9,370 ක් ලබාගනිමින් එම මහනගර සභාවේ මන්ත්‍රී ධූර 9 ක් හිමිකර ගත්තේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම මහනගර සභාවෙන් මන්ත්‍රී ධූර 8 ක් හිමිකර ගෙන තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූයේ මන්ත්‍රී ධූර 5ක් පමණි.