පළාත් පාලන ආයතන බහුතරයක ජය පොදුජන පෙරමුණට

පළාත් පාලන ආයතන බහුතරයක ජය පොදුජන පෙරමුණට

by Sagarika Chathumali 11-02-2018 | 10:03 PM
COLOMBO (Newsfirst) : මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා 222 කට අධික සංඛ්‍යාවක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. එක්සත් ජාතික පක්ෂය ජය තහවුරු කරගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 41 කි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පළාත් පාලන ආයතන 34 ක ජය තහවුරු කරගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස දිනාගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 7 කි. ලංකා කම්කරු කොංග්‍රසය ද ආයතන 5 ක් දිනාගෙන තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආයතන 4 ක බලය හිමිව ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 3කි. ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 5 ක බලය තහවුරු කර ගත්තේ ය.