COLOMBO (Newsfirst) : පළාත් පාලන ඡන්දයේදී ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ ය.
ඡන්ද ප්රතිඵල නිකුත්වීමත් සමග අද පස්වරු 1.30ට පමණ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය අයුරුයි මේ....
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුව හිස නමා පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා අද නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.
එහි සඳහන් වන්නේ මේ පිළිබඳව ගැඹුරින් සිතා බලා තම කාර්යයභාරය වඩාත් නිවැරදිව, වේගවත්ව ඉටුකිරීමට කැපවන බවයි.
