ඉදිරි දින කිහිපයේ සුවිශේෂි වෙනසක්...?

ඉදිරි දින කිහිපයේ සුවිශේෂි වෙනසක්...?

by Sagarika Chathumali 11-02-2018 | 7:24 PM
COLOMBO (Newsfirst) : ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතුළු පාර්ලිමේන්තු කණ්ඩායම කොළඹ පිහිටි නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. දීර්ඝ වේලාවක් පැවති මෙම හමුවේදී ඡන්ද ප්‍රතිඵල පිළිබඳව පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් රැසක් කරුණු විග්‍රහකර තිබේ. ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව එම සාකච්ඡාවට සහභාගි වූ කිහිප දෙනෙක් මාධ්‍යයට අදහස් පළ කළහ. එහිදී නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරයා කඩිනමින් රටට දැනෙන වෙනසක් සිදු කරනු ඇති බවයි. "දීර්ඝ වශයෙන් සාකච්ජා කළා ජනාධිපතිතුමා ඒ සියලු දෙනාට අදහස් කියන්න කිවා ජනාධිපතිතුමා තමුන්නාසේලාට කියන්න කිවා දැනෙන් වෙනසක් කරනවා කියලා" මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ, ජනාධිපතිවරයා සිදු කිරීමට යනව වෙනස කුමක් දැයි, නුදුරේදී ම දැන ගැනීමට හැකි වනුඇති බවයි. "ඒ සියලු පාර්ශව සමඟ සාකච්ජා කරලා ඉතාම ඉක්මනින් රටට දැනෙන වෙනසක් කරන බව කිවා මැතිවරණ කාලෙදිත් ඒ බව කිව්වා. ඉන් ඒහාට තේරුම් කරන්න බැහැ. හැබැයි ඒ දැනෙන වෙනස මොකක් ද කියන එක දින කිහිපයක් තුළදී දැනගන්න පුළුවන් වෙයි" අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙක තුළ යළි ත් වරක් හමුවී සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි. වෙනස යනු එජාපයෙන් ඉවත් වීම දැයි, රැස්වීමෙන් පසු ඉවතට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහේටිටිගම මහතාගෙන් මාධ්‍යවේදිහු විමසා සිටියහ.

එහිදී ඇති වූ සංවාදය  

මාධ්‍යවේදී පැනය: - වෙනසක් කියන්නේ ඇමතිතුමා ඔබතුමාලා යු ඇන් පියෙන් ඉවත් වෙනවාද ඇමතිතුමා ? අමාත්‍ය නිශාන්ත මුතුහේටිටිගම : - ඒ ඒ තින්දුව ජනාධිපතිතුමා දෙනවා මාධ්‍යවේදී පැනය: - ඇගමැති ඉවත් වෙන්න කියලා ඉල්ලිමක් තියෙනවා ? අමාත්‍ය නිශාන්ත මුතුහේටිටිගම : - ඒහේම තියෙනවා මාධ්‍යවේදී පැනය: - ඔයලත් එහේම කියනවාද ? අමාත්‍ය නිශාන්ත මුතුහේටිටිගම: - අපි කියනවා අපි කියනවා.