සියලු ඡන්ද ප්‍රතිඵල හෙට මධ්‍යහ්නයට පෙර

සියලු ඡන්ද ප්‍රතිඵල හෙට මධ්‍යහ්නයට පෙර : ප්‍රකාශිත ප්‍රතිශතය 65% ඉක්මවයි

by Sagarika Chathumali 10-02-2018 | 6:42 PM
COLOMBO (Newsfirst) : හෙට දහවල් 12ට පෙර සියලු ම ඡන්ද කොට්ඨාසවල ප්‍රතිඵල නිකුත් කර අවසන් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ, ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුව අමතමිනි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65% ඉක්වා ඇති බව ත් එය තවදුරටත් ඉහළ යා හැකි බව ත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසී ය. ඡන්ද විමසීම සාමාකාමීව පැවත්වීමට සහය වූ ආරක්ෂ අංශයට විශේෂ ස්තූතියක් පළ කළ සභාපතිවරයා සාමකාමීත්වය සිහිනයක් නොකළ පුරවැසියන් ඇතුළු දේශපාලනඥයින්ට ද ස්තූතිය පළ කර සිටියේ ය. කෙසේ වෙතත් ඡන්දපොළතුළදී ඡන්ද පත්‍රිකාවල ඡයාරූපගත් ඡන්ද දායකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව ද ඔහු එහිදී සඳහන් කළේ ය. මේ අතර ඊයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේදී සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළ කළ සභාපතිවරයා කියා සිටියේ එහි වගකීම තමා භාර ගන්නා බවයි. ඡන්ද විමසීමට අදාළව කිසිදු බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් පශ්චාත් මැතිරණ සමය ද සමාකාමීව ගත කර ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.