බංග්ලාදේශය සමග අද අවසන් වූ දෙවන ටෙස්ට් තරගයේදී රංගන හේරත් අවසන් කඩුල්ල දවා ගැනීමත් සමග ඔහු නව වාර්තාවකට හිමිකම් කීමට සමත් විය.
ඒ, ලොව වැඩි ම ටෙස්ට් කඩුලුලාභී වමත් පන්දු යවන්නා බවට පත් වෙමිනි.
මෙහිදී, ඔහු අභිබවා ගියේ තරග 104කදී ටෙස්ට් කඩුලු 414ක් දවාගෙන සිටි පකිස්ථානයේ වසීම් අක්රම් ය.
මේ වන විට රංගන හේරත් ටෙස්ට් තරග 89කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 415කි.
ලොව වැඩි ම ටෙස්ට් කඩුලුලාභීන් අතර රංගන හේරත් පසුවන්නේ, 12 වන ස්ථානයේ ය.

රංගන හේරත්ගේ දක්ෂතාව අගයමින් ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සුබ පැතුමක් ට්විටර් වෙත මුදා හැර තිබේ.
