මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Hashini De Mel 10-02-2018 | 10:01 AM

COLOMBO (Newsfirst) - අද දින පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වනු ඇත.

මැතිවරණයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6,000 කට අධික සංඛ්‍යාවක් යොදවා සිටින අතර මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 65,000 කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා සිටින බව ය. ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 400 ක වපසරියක් තුළ පුද්ගලයින් එක්රැස්වී සිටීම වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.