මැතිවරණයේ පැමිණිලි භාරගැනීම ඇරඹෙයි

මැතිවරණයේ පැමිණිලි භාරගැනීම ඇරඹෙයි

by Hashini De Mel 10-02-2018 | 9:16 AM

COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට අද උදෑසන 6.00 සිට ජාතික මැතිවරණ කොමිසමේ ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය සැළසුම් කර තිබේ.

නිවේදනයක් නිකුක් කරමින් ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, සෑම පළාතක් ම ආවරණය වන පරිදි මෙම පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බවයි. මේ අනූව, බස්නාහිර පළාතේ පැමිණිලි 011-2 86 64 48 නැගෙනහිර පළාතේ පැමිණිලි 011-2 86 64 70 මධ්‍යම පළාතේ පැමිණිලි 011-2 86 64 78 උතුරු පළාතේ පැමිණිලි 011-2 86 64 92 දකුණු පළාතේ පැමිණිලි 011 - 2 86 64 93 උතුරු මැද පළාතේ පැමිණිලි 011-2 86 64 95 වයඹ පළාතේ පැමිණිලි 011-2 86 64 96 සබරගමුව පළාතේ පැමිණිලි 011- 2 86 64 98 ඌව පළාතේ පැමිණිලි 011-2 86 65 04 යන දුරකතන අංකවලට ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසා තිබේ. මීට අමතරව ජාතික මැතිවරණ විමර්ශන පැමිණිලි මධ්‍යස්ථානයට සම්බන්ධව පොලිස් පැමිණිලි ඒකකයක් ද ස්ථාපිත අතර එහි දුරකතන අංක වන්නේ 011- 2 86 65 41 සහ 011- 2 86 65 46 යන අංකයන් ය.