පළාත් පාලන ඡන්ද විමසීම අවසන්..

පළාත් පාලන ඡන්ද විමසීම අවසන්..

by Sagarika Chathumali 10-02-2018 | 4:03 PM
COLOMBO (Newsfirst) : පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම දැන් අවසන් විය. අද පැවති ඡන්ද විමසීමේදී දිස්ත්‍රික්ක රැසකම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවා තිබේ. පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් 8,356 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්විය. මෙවර පළාත් පාලන ඡන්දයට තරග වැද සිටි අපේක්ෂකයින් ගණන 57,252කි. ඔවුහු මහ නගර සභා 24 ක්, නගර සභා 40ක් සහ ප්‍රාදේශීය සභා 276 ක් සඳහා තරග වැදී සිටියහ. ඡන්දදායකයින් 15,760,862ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර මිශ්‍ර ක්‍රමක් යටතේ මෙවර පළාත් ඡන්ද විමසීම පැවත්විණ.