ජය සමරන පෙළපාළි, රැස්වීම් හෙට තහනම්

ජය සමරන පෙළපාළි, රැස්වීම් හෙට තහනම්

by Sagarika Chathumali 10-02-2018 | 9:58 PM
COLOMBO (Newsfirst) : ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු හෙට දිනයේ පෙළපාළි, රැස්වීම් කිසිවක් පැවැත්විය නොහැකි බව පොලීසිය පවසයි. පළාත් පාලන ඡන්ද විමසීම සාමකාමීව පැවති බවත් බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව ත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසී ය. කෙසේ වෙතත් පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව නීති කඩ කළ අපේක්ෂකයින් 8 දෙනෙකු සහ ඡන්දදායකයින්  39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව ඡන්ද මාධ්‍යස්ථානය තුළදී ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් ද  පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.