ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂ ඇතත් ඡන්දයට බාධා නැහැ

ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂ ඇතත් ඡන්දයට බාධා නැහැ

by Hashini De Mel 10-02-2018 | 11:23 AM
COLOMBO (Newsfirst) - ඇතැම් ඡන්දදායකයින්ගේ ඡන්ද දැන්වීම් පත්‍රිකාවල අදාළ ඡන්දදායකයා මියගොස් ඇති බවට සහ විදේශගතවී ඇති බවට මුද්‍රා තබා ඇති අවස්ථා කිහිපයක් පිළිබඳ වාර්තා විය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, යම් හෙයකින් ඡීවතුන් අතර සිටින පුද්ගලයකුට මෙවැනි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබී ඇත්නම්, අදාළ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමන්ගේ අනන්‍යතාව තහවුරු කර ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව පවතින බවයි. මෙවැනි ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් පිළිබඳ ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් වාර්තාවී තිබේ.