පුංචි ඡන්දයට ගෙදර ගිය අවසන් ගමන

ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය තරුණයෙකු බසයට යටවී මරුට

by Sagarika Chathumali 10-02-2018 | 11:03 PM
COLOMBO (Newsfirst) : ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය තරුණයෙකු බස් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ සිට හැටන් දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක පාපුවරුවේ සිටි තරුණයෙකි. අප වාර්තාකරු පැවසුවේ, එම තරුණයා ඇඳ වැටී එම බස් රථයට ම යටවී මියගොස් ඇති බව ඒ අවට ජනතාව පැවසූ බවයි. අනතුර සිදුව ඇත්තේ කිතුල්ගල බිබිලිඔය ප්‍රදේශයේදී ය. කොළඹ සේවය කරන ඔහු ඡන්දය භාවිත කිරීම සඳහා මස්කෙළියට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර සැකපිට අත්තඩංගුවට ගෙන ඇතැයි වාර්තා විය.