ලෝකයේ ම නෙත් යොමු වූ දැවැන්තයින්ගේ අයිස් ක්‍රිකට්

Ice Cricket: ලෝකයේ ම නෙත් යොමු වූ දැවැන්තයින්ගේ අයිස් ක්‍රිකට්

by Staff writer 09-02-2018 | 11:12 AM
Ice Cricket: ස්විට්සර්ලන්තය යනු ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන රටක් නොවේ. එහෙත්, ස්විට්සර්ලන්තය යනු හිමපතනයන් සම්බන්ධයෙන් නම් ප්‍රසිද්ධියක් උසුළන රටකි. හිම සහ ක්‍රිකට් අතර ද සමීප සම්බන්ධයක් පවතින බව අප අසා නැත. එහෙත්, ස්විට්සර්ලන්තයත් ක්‍රිකට් සහ හිමත් එකට එක්වූ අවස්ථාවක් ස්විට්සර්ලන්තයේ සෙන් මොරිට්ස් (St. Moritz) ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම අයිස් ක්‍රිකට් (Ice Cricket) තරගය ජැක් කලිස්ගේ සහ විරෙන්දර් ෂෙවාග්ගේ කණ්ඩායම් අතර පැවැත්විණි. එම කණ්ඩායම් දෙක මෙසේ ය. Badrutt’s Palace Diamonds: Virender Sehwag (c), Mohammad Kaif, Lasith Malinga, Michael Hussey, Mahela Jayawardene, Zaheer Khan, Ajit Agarkar, Tillakaratne, Andrew Symonds, Joginder Sharma, Ramesh Powar, Rohan Jain Royals: Jacques Kallis (c), Shahid Afridi, Shoaib Akhtar, Nathan McCullum, Daniel Vettori, Grant Elliott, Monty Panesar, Graeme Smith, Owais Shah, Abdul Razzaq, Jacques Kallis, Matt Prior, Aidan Andrews මෙම තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග ද සහභාගි වූහ. මෙහිදී, පළමුවෙන් පන්දුවට පහර දුන් Diamonds කණ්ඩායම පන්දු වාර 20 තුළදී ලකුණු 166ක් රැස් කළේ ය. විරෙන්දර් ෂෙවාග් පන්දු 31කදී ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Royals කණ්ඩායම ලකුණු 166 පසු කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ ය. මෙම තරගය පැවති අවස්ථාවට පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් ද එක් විය.