by Chathuranga Rajapaksha 09-02-2018 | 7:04 PM
COLOMBO (Newsfirst) - මෙවර පළාත් පාලන මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව තිබෙන්නේ මඩකලපුව මහ නගර සභාවට සහ මුතූර් ප්‍රාදේශීය සභාවට බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
සභිකයින් 33 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් මඩකලපුව මහ නගර සභාවට දේශපාලන පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම් 5ක් තරග වදී.
ඒ අනුව කණ්ඩායම් ගණන 16කි.
මුතූර් ප්‍රාදේශීය සභාවට ද සභිකයින් 21 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා කණ්ඩායම් 16ක් තරග වදිනු ලැබේ.
ඊට දේශපාලන පක්ෂ 14ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් ඇතුළත්ය.
මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේ කොටම ඡන්ද පත්‍රිකාව තිබෙන්නේ පානදුර නගර සභාවට බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
සභිකයින් 16 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 5ක් සහ ස්වාධීන පක්ෂ 3ක් තරග වදී.
ඒ අනුව මුළු කණ්ඩායම් ගණන 8කි.
පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් 8,356 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ පළාත් පාලන මැතිවරණය හෙට පැවැත්වේ.
ඊට මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඇතුළත් ය.