බංග්ලාදේශ පළමු ඉනිම 110කට සීමා වෙයි

බංග්ලාදේශ පළමු ඉනිම 110කට සීමා වෙයි

by Staff writer 09-02-2018 | 11:46 AM
Colombo (Newsfirst) ශ්‍රී ලංකා - බංග්ලාදේශ 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් මීර්පූර්හිදී පැවැත්වේ. තරගාවලියේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 110කට සීමා විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශයේ පිතිකරුවන් 6 දෙනෙක්ට ලකුණු 2 සීමාව පසු කිරීමට නොහැකි වූහ. බංග්ලාදේශය වෙනුවෙන් මෙහෙදි හසාන් නොදැවී ලකුණු 38ක් ද ලයිටන් ඩාස් ලකුණු 25ක් ද රැස් කළහ. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ අකිල ධනංජය අතර කඩුලු 3 බැගින් බෙදී ගියහ. දිල්රුවන් පෙරේරා කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. තරගාවලියේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 222කි.