ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය උදේ 8 සිට

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය උදේ 8 සිට

by Staff writer 09-02-2018 | 7:46 AM
Colombo (Newsfirst) පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද පෙරවරු 8.00ට ආරම්භ වේ. ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවන බව ය. පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් 8356 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්වේ. ඊට මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඇතුළත් ය. මේ අතර නිව්ස්ෆස්ට් දවස වැඩසටහන සමග එක්වෙමින් මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයා තම ඡන්දය සලකුණු කළ යුතු ආකාරය පිළබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා උපදෙස් ලබා දුන්නේ ය. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කළේ ය.