ඡන්ද විමසීම් ගැන පැමිණිලි කළ හැකි දුරකතන අංක

ඡන්ද විමසීම් ගැන පැමිණිලි කළ හැකි දුරකතන අංක

by Staff writer 09-02-2018 | 2:57 PM
COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට හෙට උදෑසන 6.00 සිට ජාතික මැතිවරණ කොමිසමේ ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය සැලසුම් කර තිබේ. නිවේදනයක් නිකුක් කරමින් ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, සෑම පළාතක් ම ආවරණය වන පරිදි මෙම පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බව ය. මේ අනුව බස්නාහිර පළාතේ පැමිණිලි 0112 86 64 48 යන දුරකතන අංකයට ඉදිරිපත් කළ හැකි ය. නැගෙනහිර පළාතේ පැමිණිලි 0112 86 64 70 අංකයටත්, මධ්‍යම පළාතේ පැමිණිලි 0112 86 64 78 අංකයටත් ඉදිරිපත් කළ හැකි ය. උතුරු පළාතේ පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ, 0112 86 64 92 යන දුරකතන අංකයට ය. දකුණු පළාතේ මැතිවරණ පැමිණිලි 0112 86 64 93 ට හා උතුරු මැද පළාතේ පැමිණිලි 0112 86 64 95 යන දුරකතන අංකවලට ඉදිරිපත් කළ හැකි අතර වයඹ පළාතේ මැතිවරණ පැමිණිලි 0112 86 64 96 යන දුරකතන අංකයට ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි. සබරගමුව පළාතේ මැතිවරණ පැමිණිලි හෙට උදෑසන 6.00 සිට 0112 86 64 98 ට සහ ඌව පළාතේ පැමිණිලි 0112 86 65 04ට ඉදිරිපත් කළ හැකි ය. මීට අමතරව ජාතික මැතිවරණ විමර්ශන පැමිණිලි මධ්‍යස්ථානයට සම්බන්ධව පොලිස් පැමිණිලි ඒකකයක් ද ස්ථාපිත අතර එහි දුරකතන අංක වන්නේ 0112 86 65 41 සහ 0112 86 65 46 යන අංක යි.