ඇලෝසියස්ට හා පලිසේනට ඇප දීමට දැඩි විරුද්ධත්වයක්

ඇලෝසියස්ට හා පලිසේනට ඇප ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක්

by Staff writer 09-02-2018 | 12:36 PM
Colombo (Newsfirst) රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක් දක්වන බවට නීතිපති දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව කරුණු දක්වනු ලැබී ය. එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබා දීම සඳහා නඩුව ලබන 16 වන දා පස්වරු 2.00ට කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කළා ය. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය තොරතුරු උපයෝගී කර ගනිමින් බැඳුම්කර වෙන්දේසි දෙකකදී නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රුපියල් කෝටි 9147ක මුදලක් උපයා ගැනීම අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වේ.