මෙවර ඡන්දෙන් සභාපති / නගරාධිපති පත් වන්නේ කෙසේ ද?

මෙවර ඡන්දයෙන් සභාපති හෝ නගරාධිපති පත් වන්නේ කෙසේ ද?

by Sagarika Chathumali 08-02-2018 | 9:17 PM
COCLOMBO (Newsfirst) : මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී අතිරේක ලේඛනය යටතේ ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂිකාවකට පළාත් පාලන ආයතනයක සභාපති හෝ නගාරාධිපති තනතුරට පත් වීමට අවකාශ හිමි නෙවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නීති නිලධාරිනී, ගයනි ප්‍රේමතිලක මහත්මිය පැවසුවේ, නව පනත යටතේ යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් 50% වඩා ආසන ලබාගෙන ඇති අවස්ථාවක එම පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩයාමේ නායකයාට ඡන්දයෙන් තෝරා පත් කර ගත් අපේක්ෂයින් අතරින් අයෙකු එම පළාත් පාලන ආයතයේ ප්‍රධානියා ලෙස පත් කළ හැකි බවයි. එහෙත් යම් හෙයකින් පළමු අවස්ථාවේ පත් වූ සභාපති හෝ නගරාධිපති ඉල්ලා අස්වූ අවස්ථාවකදී සභිකයින් අතරින් අයෙකු පළාත් පාලන ආයතනයේ ප්‍රධානියා ලෙස තෝරා පත් කර ගැනීමේ හැකියාව පවතී. තව ද නව පනත යටතේ අයවැය පරාජය වුව ද ප්‍රථම වසර දෙක තුළදී පළාත් පාළන ආයතනයේ සභාපතිට හෝ නගරාධිපතිට ධුරය අහිමි නොවනු ඇති. ගයනි ප්‍රේමතිලක මහත්මිය වැඩිදුරටත් පැවසුවේ, තෙවන වර්ෂයේදී පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සෙසු සභිකයින්ගේ මතයට සවන් දීමට සිදුවනු ඇති බවයි.