මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 175000ක්

පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් 175000ක්

by Staff writer 08-02-2018 | 8:17 AM
Colombo (Newsfirst) පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා කොළඹින් පිටත් වන විශේෂ නිලධාරීන් පිරිසක් අද එක් එක් පළාත් පාලන බල ප්‍රදේශ කරා පිටත්ව යන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිසම සඳහන් කළේ, විශේෂ සම්බන්ධීකරණ සහකාර තේරීම් භාර නිලධාරීන් පිරිසක් මෙලෙස පිටත් කර යවන බව ය. ඒ සඳහා නිලධරීන් 400ක් ඇතුළත් ය. ඔවුන් මැතිවරණය දා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ට ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සම්බන්ධීකරණය සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ඇති. මේ අතර මැතිවරණයේ රාජකාරී සඳහා 175000කට අධික රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවීමට නියමිත ය. අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඔවුන් හෙට දිනයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බව ය. මැතිවරණ රාජකාරී පැහැර හරින නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය.