by Sagarika Chathumali 08-02-2018 | 8:52 PM
COCLOMBO (Newsfirst) : නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී. කේ. පී. දසනායක මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට, විත්තියේ නීතිඥවරුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධි නීතිඥවරයා විරුද්ධත්වය පළ කළේ ය.
ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 22 වන දා නිකුත් කිරීමට එහිදී තීරණය කළ මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ 8 වන සහ 9 වන සැකකරුවන් දෙදෙනා එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.
එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින නාවික හමුදා කර්මාන්ඩ්ර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා විදේශගත වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඔහු ලංකාවට පැමිණිය හොත් ලංකාවෙන් පිටතට යන අවස්ථාවකදී රඳවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කළේ ය.
කර්මාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීමට අධිකරණය නිකුත් කර ඇති විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
2008 වසරේදී කොළඹදී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු මේ වන විට ඇපමත මුදාහැර තිබේ.