ඡන්ද පොළේදී 'මොබයිල්' බෑ

ඡන්ද පොළේදී 'මොබයිල්' බෑ

by Sagarika Chathumali 08-02-2018 | 6:44 PM
COLOMBO (Newsfirst) : මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද පොළවලට පැමිණෙන ඡන්දදායකයින්ට ජංගම දුරකතන භාවිතය තහනම් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, ඡන්ද පොළේදී ජංගම දුරකතන භාවිතය, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම තහනම් බව ය. පසුගිය මැතිවරණවලදී ඡන්දය සලකුණු කළ පත්‍රිකා සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැරීමක් වාර්තා වීම මෙම තීරණයට බලපා තිබේ. මීට අමතරව, අවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත් පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය ද සුපුරුදු පරිදි තහනම් වේ.