රටේ ණය බර රු. 10,000,000,000,000 පනී..

රටේ ණය බර රු. 10,000,000,000,000 පනී...

by Sagarika Chathumali 07-02-2018 | 8:14 PM
COLOMBO (Newsfirst) : රටේ ණය ප්‍රමාණය කොපමණ දැයි නිශ්චිතව ගණන් බැලීමට නොහැකි වී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.
"අතත පය බැදලා මුහුදට දාපු මනුස්සයෙක් වගේ ජබි ගහ ගහා ඉන්නවා වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් අද නෑ. කවුරු හරි මගෙන් ඇහුවොත් රටේ තියෙන ණය ප්‍රමාණය කීය ද කියන්න කියලා මට දෙන්න පුළුවන් උත්තරය තමයි කරුණාකරලා වයිමගෙන් අහන්න කියන එක.එච්චරටම රාජ්‍ය අංශයේ ණය කළමනාකරණය අවුලෙන් අවුලට පහුගිය දශකය තුළ පත්කරලයි තියෙන්නේ''
මේ අතර විගණකාධිපති වාර්ෂික වාර්තාව එළි දක්වමින් ඔහු කියා සිටියේ 19 වන සංශෝධනයට අනුව සම්මත කළ යුතු විගණන පනත තවදුරටත් ප්‍රමාදවීම තුළ ගැටලු  රැසක් නිර්මාණය වී ඇති බවයි.   ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, පසුගිය දශකය තුළ රාජ්‍ය අංශයේ ණය කළමනාකරණය අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි.   රටේ ණටය බර පිළිබඳ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා....