මැතිවරණ ප්‍රචාරණය අද මැදියම් රැයෙන් අවසන්

මැතිවරණ ප්‍රචාරණය අද මැදියම් රැයෙන් අවසන්

by Sagarika Chathumali 07-02-2018 | 6:19 PM
COLOMBO (Newsfirst) : පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ අපේක්ෂකයින් දැනුවත් කර ඇති බවයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන අපේක්ෂකයින්ට එරෙහිව ඕනෑ ම පුද්ගලයෙකුට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය හැකියි. එවැනි අපේක්ෂකයින් මැතිවරණයෙන් තේරී පත්වුව හොත් ඔවුන්ගේ සභිකත්වය අහෝසි වනු ඇතැයි ද අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද ඉල්ලා ගෙයින් ගෙට යාම ද තහනම් වේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ එම නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි. මෙම නීතිය ලබන 11 වන දා දක්වා බලාත්මක වනු ඇති.