මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ඉල්ලීමක්

මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ඉල්ලීමක්

by Sagarika Chathumali 07-02-2018 | 4:50 PM
COLOMBO (Newsfirst) : ඡන්ද බලය හිමි සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන සහ විභාග සැලසුම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන ප්‍රධානීන්ගෙන් හා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ, ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල ඇතැම් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන හා විභාග හේතුවෙන් සිසුන්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට වාර්තා වී ඇති බවයි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිසම එම පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.