ඡන්දය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවාවක්

ඡන්දය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවාවක්

by Hashini De Mel 07-02-2018 | 7:53 AM

COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්, අද පස්වරුවේ සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසා තිබේ.

එහි මෙහෙයුම් අධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, ඒ සඳහා අතිරේක බස් රථ 150ක් යොදවන බවයි. මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මේ වන විට බස් රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් ඇණවුම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්, ගම්බිම් බලා යන ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ලබන 11 සහ 12 යන දෙදින අතිරේක බස් සේවා ක්‍රියාත්මක බව ආර්. ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර තිබේ.