ඡන්ද ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඡන්ද ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

by Hashini De Mel 07-02-2018 | 7:43 AM

COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ අපේක්ෂකයින් දැනුවත් කර ඇති බවයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන අපේක්ෂකයින්ට එරෙහිව, ඕනෑම පුද්ගලයෙකුට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය හැකි වනු ඇත. එවැනි අපේක්ෂකයින් මැතිවරණයෙන් තේරී පත්වුවහොත්, ඔවුන්ගේ සභිකත්වය අහෝසි වනු ඇතැයි ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ ය. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද ඉල්ලා ගෙයින් ගෙට යෑම ද තහනම් වේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසූවේ, එම නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන්නැයි සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි. මෙම නීතිය ලබන 11 වන දා දක්වා බලාත්මක වනු ඇති.