උදයංග වීරතුංග ගැන විමර්ශනයට කණ්ඩායමක් අබුඩාබියට

උදයංග වීරතුංග ගැන විමර්ශනයට කණ්ඩායමක් අබුඩාබියට

by Hashini De Mel 07-02-2018 | 9:09 AM

COLOMBO (Newsfirst) - අත්අඩංගුවට ගෙන සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිලධාරින් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද අබුඩාබි බලා පිටත් ව යාමට නියමිතව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, එම කණ්ඩායමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ඇතුළත් බවයි. මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවන ක්‍රියාවලියක් වන අතර අද අබුඩාබි බලා යන කණ්ඩායම අදාළ බලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුරංග මහතා ඩුබායි ගුවන් තොටුපලේදී එරට පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගිය 4 වන දා ය.