by Staff writer 06-02-2018 | 5:03 PM
කොළඹ (නිව්ස්ෆස්ට්)
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන 09 වන දා දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සඳහන් කළේ, 8 වන දා දිනයේ පාසල් පැවැත් වීමෙන් අනතුරුව මැතිවරණ කටයුතු සඳහා ග්‍රාම සේවා නිලධාරීන් වෙත පාසල් භාර දෙන ලෙසට අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ය.
ඒ අනුව 9 වන දා දිනය සම්පූර්ණයෙන් ම මැතිවරණ කටයුතු සඳහා පාසල් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ය.