සරසවි අනධ්‍යයන සේවා ඇණහිටී

රජය කොන්දේසි කඩ කළා යැයි, සරසවි අනධ්‍යයන සේවකයින් වර්ජනයේ

by Sagarika Chathumali 06-02-2018 | 10:57 AM
COLOMBO (Newsfirst) : ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද සිට වර්ජනයක නිරතව සිටිති. ඒ දීමනා කිහිපයක් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ අත්සන් කළ එකඟතා ගිවිසුමේ කොන්දේසි රජය ඉටු නොකළ බව පවසමිනි. මේ අතර නිවේදනයක් නි‍කුත් කරමින් ශ්‍රි ලංකා විවෘත විශ්ව විශ්ව විද්‍යාලය පවසන්නේ අද සහ හෙට දෙ දින තුළ පැවැත්වීමට නියමිතව තිබූ සියලු අධ්‍යයන කටයුතු අවලංගු කර ඇති බවයි.