60 වසක් ගෙවුණු ඛේදචාචකයක මතක සැමරුම

මැන්චෙස්ටර් යුනයිඩට් ක්‍රීඩකයින් 8ක් මියගිය ගුවන් අනතුරට වසර 60යි

by Sagarika Chathumali 06-02-2018 | 12:17 PM
COLOMBO (Newsfirst) : 1958 වසරේ මැන්චෙස්ටර් යුනයිඩට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැගත් ගුවන් යානය අනතුරට ලක්වී වසර 60 ක් ගත වීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පැවැත්විය. එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රීඩකයින් හා අනෙකුත් පිරිස රැගත් ගුවන් යානය අනතුරට ලක් වූයේ 1958 වසරේ පෙබරවාරී මස අද වැනි දිනකයි. යානය ජර්මනියේ මියුනික්හි මියුනික් රියම් ගුවන් තොටුපොළින් ගුවන්ගත කරන අවස්ථාවේ අනතුරට ලක්විය. අනතුරට ලක් වූයේ යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටි මැන්චෙස්ටර් කණ්ඩායමයි. මෙම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඒ අතර ක්‍රීඩකයින් 8 දෙනෙක්, ජනමාධ්‍යවේදීහු සහ සමාන්‍ය පුද්ගලයෝ ද සිටියහ. අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් පුද්ගලයින් 21 දෙනෙක් ජීවිත බේරා ගත්හ. අනතුර සිහි කරමින් මෙම උත්සවය පැවැත්වුණේ, එංගලන්තයේ මැන්චෙස්ටර් පාපන්දු සමාජ ක්‍රීඩාංගණයේදීයි. මැන්චෙස්ටර් කණ්ඩායමේ කළමනාකරු මෙන්ම නායක මයිකල් කැරික් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.