මැතිව්ස්ට 20යි 20 තරගාවලිය ත් අහිමි වෙයි

මැතිව්ස්ට 20යි 20 තරගාවලිය ත් අහිමි වෙයි

by Chathuranga Rajapaksha 06-02-2018 | 4:20 PM
කොළඹ (නිව්ස්ෆස්ට්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියටද සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, ඔහුගේ ආබාධය සුව නොවීම හේතුවෙනි. සත්කාරක බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට එම තරගාවලිය අහිමි විය. ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් ද ඔහු විවේක ගැන්වූයේ එම ආබාධ තත්ත්වය හේතුවෙනි. කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මැතිව්ස්ගේ සහභාගීත්වය තවමත් තීරණය කර නොමැති බව ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20යි 20 තරගාවලිය ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිත ය.