බැඳුම්කර විවාදය ඇරඹෙයි

බැඳුම්කර විවාදය ඇරඹෙයි... විනීතව හැසිරෙන්නැයි, කථානායකගෙන් උපදෙස්

by Sagarika Chathumali 06-02-2018 | 8:52 AM
COLOMBO (Newsfirst) : මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබේ. අද විවාදයෙන් අනතුරුව පෙබරවාරි 21 සහ 22 යන දිනයන්හිදී ද යළි මෙම විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ. බරපතළ වංචා දූෂණ පිළිබඳ වාර්තා 34 කට අදාළ පිටු 7000 ක් පමණ වන ලිපි ගොනු CD තැටිවලට ඇතුළත් කර අද දිනයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙනු ඇති. මේ අතර විවාදය කෙරෙහි පුළුල් ජනතා අවධානයක් යොමුවු ඇති බැවින් ඉතා වගකීමකින් යුක්තව විවාදයට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු පාර්ශවන්ගෙන් ඉල්ලා සිටියේ ය. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ දක්නට ලද අප්‍රසන්න අවස්ථාවන් නිර්මාණයවීමට යළි ඉඩ නොතබන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද කථානායකවයා මෙහිදී සඳහන් කළ බව කථානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.