දූෂණ, වංචා සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම කියන කතාව

''මහජන මුදල් සොරා කෑ පසුගිය රජයේ නියෝජිතයින්ට එරෙහිවත් කටයුතු කරනවා'' - මලික් සමරවික්‍රම

by Staff writer 06-02-2018 | 7:12 PM
කොළඹ (නිව්ස්ෆස්ට්) රට තුළ මතුව ඇති දූෂණ හා වංචා පිළිබඳ සංවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේ ය. නිවේදනයක් නිකුත් කරමින් මලික් සමරවික්‍රම මහතා පෙන්වා දෙන්නේ, වාසි තකා පොදු ආයතනවලින් ප්‍රයෝජන ගන්නා පුද්ගලයින්ට එරෙහිව ජාතික ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂය තීරණාත්මක ක්‍රියා පටිපාටියක් දියත් කර ඇති බව ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම එහි එක් පියවරක් බව නිවේදනයේ සඳහන් ය. එමෙන් ම මහජන මුදල් සොරා කෑ පසුගිය රජයේ පුද්ගලයින්ට එරෙහිව තම පක්ෂය කටයුතු කර ඇති බව ද මලික් සමරවික්‍රම මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.