ඡන්දය නිසා වසා තබන පාසල් මෙන්න

ඡන්දය නිසා වසා තබන පාසල් මෙන්න

by Chathuranga Rajapaksha 06-02-2018 | 9:55 PM
කොළඹ (නිව්ස්ෆස්ට්) පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට අමතරව ඡන්ද රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා තවත් පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් හෙට සිට වසා තැබෙනු ඇති. ඒ අනුව වසා තැබෙන පාසල් මෙසේය. * කොළඹ, රාජකීය විද්‍යාලය * කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය * කළුතර ඥාණෝදය මහා විද්‍යාලය * පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය * මහනුවර රාජකීය විද්‍යාලය * මාතලේ සංඝමිත්තා විද්‍යාලය * නුවරඑළිය ගාමිණි ජාතික පාසල * ගාල්ල සවුත්ලන්ඩ විද්‍යාලය * හම්බන්තොට සුචී ජාතික පාසල * යාපනය මධ්‍ය විද්‍යාලය * මඩකලපුව හින්දු විදුහල * ත්‍රීකුණාමලය විපුලානන්ද විද්‍යාලය * කුරුණෑගල මලියදේව විද්‍යාලය * කුරුණෑගල සර් ජොන් කොතලාවල විද්‍යාලය * පුත්තලම හින්දු විද්‍යාලය * අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය * බදුල්ල විහාරමහාදේවී විද්‍යාලය * මොණරාගල රාජකීය විද්‍යාලය කෑගල්ල ස්වර්ණ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ පන්නල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය හෙට සිට සිකුරදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.