by Staff writer 06-02-2018 | 9:17 PM
කොළඹ (නිව්ස්ෆස්ට්)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් යන මහත්වරු රටට කළ තවත් පාඩුවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හෙළි කළේ ය.
''මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා තිබෙන කිලෝමීටර් 32 ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 138ක ණයක් ජපානයේ ටෝකියෝ මිට්ෂුබිසී බැංකුවෙන් ලබාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් ණයක් ලබා ගත්තාම ඒ ණය ආපසු ගෙවීමට නොහැකිවේ යන අවදානම බැංකුව දකිනවා නම් ඒ ණය රක්ෂණය කරනවා. ණය අවදානම අඩු වුණ නිසා යුද්ධයෙන් පස්සේ සාමාන්‍ය රක්ෂණ ගාස්තුව විදියට ගෙවන්න සිද්ධ වුණේ සියයට 2ත් 5ත් අතර වගේ ගාණක්. නමුත් මේ ණය සඳහා ගෙවිය යුතු රක්ෂණ ගාස්තුව සියයට 10ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 14ක්. මේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග සාකච්ඡා කළ ජපානයේ මිට්ෂුබිසී බැංකුවේ දේශීය නියෝජිතයා අර්ජුන් ඇලෝසියස්. සෑම විදේශ ණයක්ම කොන්දේසි රටට හිතකර ද කියලා තීරණය කරන්න මුදල් මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. මුදල් මණ්ඩලය කියන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ මාමා මහ බැංකු අධිපති ලෙස සභාපති ධූරය දරපු තැන. මෙතනදී මේ දැවැන්ත රක්ෂණ මුදලත් සමග ණය මුදල මුදල් මණ්ඩලය අනුමත කරනවා. මේ තමයි බැඳුම්කර වංචාවේ දෙවැනි කොටස. පළවෙනි කොටසේ හිටපු ප්‍රධාන නළුවෝ දෙන්නාම තමයි දෙවැනි කොටසේත් රඟ පාන්නේ.''