ලංකාවට නාවොත් මහේන්ද්‍රන්ට වැඩ වරදී

ලංකාවට නාවොත් මහේන්ද්‍රන්ට වැඩ වරදී

by Chathuranga Rajapaksha 05-02-2018 | 6:27 PM
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලබන 15 වනදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ, ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙරටට නොපැමිණියහොත්, අධිකරණය මගින් ඔහුට එරෙහිව නිතීමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර වංචාව පිළිබඳව නඩුවේ පළමු සැකකරු වේ. එම වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.