ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති

ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති

by Sagarika Chathumali 05-02-2018 | 7:11 AM

අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.

එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බවයි. විෂය භාර අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා ආසාර්ථක වීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, අද පෙරවරු 9 සිට 6, 7 දින දෙක පුරා අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.