by Chathuranga Rajapaksha 05-02-2018 | 8:43 PM
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්ණ කිරීමේදී සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට මහ බැංකුවේ සේවක අර්ථසාධක අංශයේ සහකාර අධිකාරි එස්. පදුමනාදන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම ප්‍රතික්ෂේප කළේය.
ඒ, පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් කළ කරුණු දැක්වීම සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ගත් බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.