ඇලෝසියස් සහ පාලිසේන යළි රක්ෂිත බන්ධනාගාරයට

ඇලෝසියස් සහ පාලිසේන යළි රක්ෂිත බන්ධනාගාරයට

by Sagarika Chathumali 05-02-2018 | 9:49 AM

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යළි ත් ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ අද උදෑසන ඔවුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. ඊයේ උදෑසන 6 .30ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන්ගේ නිවෙස් වැටලීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබී ය. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, කොළඹ මල්පාරේ පිහිටි අරජුන් ඇලෝසියස් මහතාගේ නිවසට හා වැල්ලවත්ත අර්තුසා පාරේ පිහිටි කසුන් පාලිසේන මහතාගේ නිවෙස් වටලමිනි. පසුව ඔවුන් ඊයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුනු අතර එහිදී නියෝග කෙරුණේ, සැකකරුවන් අද උදෑසන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.