70 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

70 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

by Chathuranga Rajapaksha 04-02-2018 | 6:40 AM
70 වන අභිමානවත් ජාතික නිදහස් සැමරුම් දිනය අදට යෙදී තිබේ. නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරු 8 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත ය. 'එකම දැයක්' යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය සැමරේ. නිදහස් සමරු උළෙල බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් වෙසෙක්ස් හි ආධිපාද එඩ්වඩ් කුමරු හා එම ආධිපාදවරිය සහභාගිවීමට නියමිත ය. උළෙල සංස්කෘතික පෙරහැරකින් ද සමන්විත බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. නිදහස් සැමරුම් උළෙල හමුදා උත්තමාචාර පෙලපාලියකින්ද සමන්විත ය. ඊට ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් 3798 දෙනෙකු සහභාගීවන බව හමුදා ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.‍